ගිනි අවියක් හොරා ගෙන දඩයමේ ගිය සැරයන් ඇතුළු තුනක් මාට්ටු


(පියදාස සමරවීර සහ හේමන්ත රණසූරිය)

පොලිසියේ අවි ගබඩාවකින් සොරාගත් ගිනි අවිය සහ උණ්ඩ රැගෙන වාහල්කඩ යාන් ඔය ජලාශයට එපිටින් ඇති ,"ඉස්සන් වැව"," වැද්දා කන්ද" ප්‍රදේශයේ ඝන වනාන්තරයට, සතුන් දඩයමේ ගිය බව කියන පොලිස් සැරයන්වරයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ටී 56 ගිනි අවියක් සමග පෙරේදා (16) රාත්‍රී අඩංගුවට ගත් බව වාහල්කඩ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවැව පොලිසිය ට අයත් "රොටවැව" පොලිස් මුරපොළේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් සිවිල් වැසියන් දෙදෙනකු බව පොලිසිය කියයි,

ඔවුන් වයස අවුරුදු 49 සහ 51 කාණ්ඩවල පසුවන වාහල්කඩ ඩි 06 ප්‍රදේශයෙහි සහ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බවද පොලිසිය සඳහන් කරයි.

ඉන් එක් සැකකරුවකු ප්‍රවාහන අංශයක වේලා සටහන්කරුවකු බවද පොලිසිය කියයි. සැකකාර පොලිස් සැරයන් වරයා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.