
(කේ. බුද්ධික කුමාරසිරි)
රුසියාවේ නිෂ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොරාගෙන පාදුක්ක වටරැක ප්‍රදේශයේ කුණු ගොඩක් යට සගවා ගෙන සිටි අයකු සමගින් එම ගිනි අවිය අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
පාදුක්ක පොලිස් වසමේ නිවසක් බිඳ එහි තිබූ බලපත්‍ර සහිත මෙම ගිනි අවිය සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් කිසිවකු විසින් සොරා ගෙන ඇති බවට ඉකුත් 2024 වර්ෂයේදී පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව අදාල ගිනි අවිය සොයාගැනීමට හැකි වී ඇත.

