අසල්වැසියකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි කියන පුද්ගලයකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් දෙදාහේ හොර නෝට්ටු අටක් සොයා ගත් බව කහතුඩුව පොලීසිය කියයි.
හෝමාගම මාගම්මන පදිංචි ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ළග තිබු බඩු බාහිර පොලිස් භාරයට ගනිද්දී ඔහුගේ මුදල් පසුම්බියේ රුපියල් විසිදාස් පන්සීයක් විය. ඒ අතර දෙදාහේ හොර නෝට්ටු අටක් ද තිබු බවද පොලිසිය කියයි.
තමාට එම නෝට්ටු ලැබුණේ කොට්ටාවේ පුද්ගලයකුගෙන් බවද ඔහු පවසා ඇත.