ගින්දරක් දී ගින්දර සමග නික්ම යයි


මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය.

ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.

ඒ හිමියන්ගේ අපවත්වීමෙන් මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ද මතුවෙයි. වඩාත් අවශ්‍ය වනුයේ ඒ හිමියන් ගින්නට මැදිවී සිටින ඡායාරූපයක් ගැනීම ද, එසේත් නැත්නම් ජීවිතයක් බේරා ගැනීමට ක්‍රියා කිරීම ද යන්න ශ්‍රී ලාංකාවේදී මතුවූ මුල් වතාව මෙයයි.

ඇමෙරිකාවේ 1982 දී මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවේදී පළ වූ බහුතර මතය වූයේ ඡායාරූප ශිල්පියා සදාචාරය හා මානුෂික හැඟීම්වලින් තොරව ක්‍රියා කර ඇති බවයි.

(ඡායාරූප ලසන්ත නිරෝෂණ පෙරේරා)

(ඡායාරූප එච් එම්  අරුණ ශාන්ත)