ගිණුම් විස්තර ගැනීමේ බලය ජනපති කොමිසමට


බරපතල වංචා හා දූෂණවලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති වත්කම් ප්‍රකාශවල තොරතුරු පූර්ව අනුමැතියකින් තොරව ලබාගැනීමේ බලය වහාම ක්‍රියාත්මක වන පරිදි බරපතල වංචා දුෂණ විමර්ශන විශේෂ ජනපති කොමිසමට ලබාදීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කර ඇත.

එම කොමිසමේ පරීක්ෂණ දිගින් දිගටම කල් යාමට හේතුව බැංකු ගිණුම් හා වත්කම් ප්‍රකාශ ලබාගැනීමේ දී සිදුවන ප්‍රමාදය බවට කොමිසම මගින් දැනුම් දීමක් අනුව ජනපති මෙම නියෝගය ලබාදී ඇත.