දක්ෂ ඉලෙක්ට්‍රික් ගිටාර් වාදකයකු හා සංගීත අධ්‍යක්ෂකයකු වු පැට්‍රික් දෙනිපිටිය (78) කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී අභාවප්‍රාප්තවිය.
සිය බිරිද සමග කැනඩාවේ පදිංචිව සිටි හෙතෙම තරුණ සංගීතඥයකු වන මහේෂ් දෙනිපිටිය මහතා ඇතුළු දරු තිදෙනකුගේ පියෙකි.
ජනප්‍රිය නත්තල් ගීතයක් වන ‘‘පුළුන් වගේ සුදු රුවුල අගෙයි‘‘ යන ගීතය හා ‘‘ උඩ රට මැණිකේ මනහර කඳුරට තිලකේ‘‘ රුවන් අඹර සෙමෙර සලන‘‘ඉවුරු තලා ගංගා බැස යනවා‘‘ ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණයන් ඔහුගේය.‘‘සැණකෙළිය‘‘ලෝක හොරු‘‘ සැඟවුණ මැණික‘‘ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් කිහිපයකි.අවසන් කටයුතු කැනඩාවේ සිදු කිරීමට නියමිතය.