දිවයින අවට වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරන බැවින් රට තුළ සහ දිවයිනට යාබද මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තව දුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, දිවයිනේ නැගෙනහිර ප්‍රදේශවල ඉතා තද වැසි (මි.මී.150 පමණ) ද, සෙසු ප්‍රදේශවල තද වැසි ( මි.මී.100 පමණ) ද බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් කළ විමසීමකදී දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී. 40-50ක පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පසුගිය සති දෙකක පමණ කාලයේදී ශ්‍රී ලංකාවට ඉහළ අහසේ තිබූ තත්ත්වය ඡායාරූප ගතකළ නාසා ආයතනයෙන් නිකුත් කරන ලද සේයාරූ කිහිපයක් පහත දැක්වේ.
ඡායාරූප නාසා ආයතනයේ අනුග්‍රහයෙනි
ජනවාරි 05
ජනවාරි 07
ජනවාරි 11
ජනවාරි 13
ජනවාරි 15
ජනවාරි 17
ජනවාරි 19
ජනවාරි 21
ජනවාරි 23











