ගිගීගේ මාර්කට් එක බැහැලා


ගිගී හැඩිඩ් යනු කාලීන පුවත් මවන්නියක් ලෙස ජනප්‍රියත්ව උසුලන චරිතයකි. පසුගිය කාලයේදීම සෙයින් මලික්ගේ ඒකපුද්ගල ගීතය හේතුවෙන් ඇය බොහෝ සේ ජනප්‍රියට පත්වූ අතර, ඉන්පසු කෙන්ඩර් සමග ඇගේ මෝටර් රථයේ ගමන් කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ අණ නොතකා කළ හැසිරීම හේතුවෙන් දඩයක් ලබා සිටීමත් ඇගේ ජනප්‍රියත්වය වැඩි රුකුලත් ලබාදුනි.

මේ දිනවල ඇයගේ නවතම පුවත වන්නේ වෝග් සඟරාව විසින් චීනයට පමණක් එළිදක්වන කලාපයේ මුල් කවරය සරසවන්නේ මෙවර ගිගී හැඩිඩ් විසිනි. නමුත් එම කවරය හේතුවෙන් මෙවර එම සඟරාවේ අලෙවිය අඩුවූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
 

GIGI-2016-02-25-01