ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය මුළුමනින්ම අවසන්


(අංජුල මහික වීරරත්න)


ගිං- නිල්වලා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.


ශ්‍රී ලංකාවේ දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක ගිං නිල්වලා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයෙන් පරිසර, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන අංශවලට එල්ලවන බලපෑම් පිළිබ‍ඳව දෙවන පියවර ලෙස අධ්‍යයනයක යෙදීමට නියමිතය.


විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගං වතුර පාලනය සඳහා ඉහත ව්‍යාපෘතියෙන් ලැබෙන දායකත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනය කරනු ලබයි.


ජල කළමනාකරණය හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ලැබිය යුතු වාර්තා ලැබීමෙන් පසු පරිසර අධ්‍යයනයෙන් අනතුරුව ගිං නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය සියලු විධිවිධාන මේ වනවිටත් යොදවා තිබේ.