(ජේ.කේ.එල් චාමින්ද)
ගිං ගඟ පහළ ප්‍රදේශයේ ජල මට්ටම වැඩිවන ප්‍රමාණය අඩුවෙමින් පවතින අතර පැයකට සෙන්ටිමීටරයක් දෙකක් පමණ ජල මට්ටම වැඩි වෙමින් පවතින බව ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරු චමිලා විරක්කොඩි මහත්මිය සඳහන් කළාය.
අද (8) අළුයම 3.00 පමණ වන විට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.65 දක්වා සටහන්ව තිබු බවද වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළාය.
ගිංගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉතා සෙමින් වැඩි වෙමින් පවතින අතර තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 1.18 දක්වා අඩුවී ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුවරිය පැවසුවාය.
අද පෙරවරුව වන විට ගිංගඟ පහළ ප්‍රදේශයේ ද ජල මට්ටම බැස යන තත්වයට හැරිමට ඉඩ ඇති බවද ඇය සඳහන් කළාය.
ගිංගඟ පහළ නිම්නයේ පහත්බිම් ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර ඕපාත හොළුවාගොඩ මීපාවල යන ප්‍රදේශවල කොරටු වගාවද ජලයෙන් යටවී ඇති බව කොරටු ගොවීහු පවසති.