ගිං - නිල්වලා ව්‍යාපෘතියේ වංචා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි


නාලක සංජීව දහනායක
 
ගිං හා නිල්වලා ගඟ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී සිදුවූවා යැයි කියන වංචා හා දූෂණ සෙවීම සඳහා කඩිනමින් කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.


එමෙන්ම මාධ්‍ය විසින් හෙළිකර ඇති පරිදි එම ව්‍යාපෘතියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 කොමිස් මුදලක් උපයාගත් රජයේ ප‍්‍රබල ආමාත්‍යවරුන් දෙදෙනා කවුදැයි ජනාධිපතිවරයා විසින් වහාම හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (16) පැවසීය.


මෙම කොමිස් මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 25 මුදලක් සිංගප්පූරු ගිණුමට බැරකරන ලෙසත් ඉතිරි මිලියන 5 ඩොලර් නෝට්ටුවලින් ලබාදෙන ලෙසත් එම අමාත්‍යවරුන් දෙදෙනා ව්‍යාපෘතිය සිදුකරන සමාගමෙන් ඉල්ලා තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.


ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.