ගෑස් මිල තව දින කීපයකින් පහළට?


(අංජුල මහික වීරරත්න)

තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවද රත්නායක මහතා කීය.

"70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී තිබෙනවා. මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට අප උත්සාහ කරනවා.

තෙල් මිල අඩු වූ අයුරින් තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු වෙනවා යනුවෙන් එජාප මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක මහතා කීය.