ගෑස් දැන් 1346 යි


කිලෝ  12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (23) සිට රුපියල්  1346 ක්  දක්වා  අඩුකර  ඇතැයි  ගෑස්  සමාගම්  පවසයි. අයවැයට  පෙර  ගෑස්  සිලින්ඩරයක මිල රුපියල්  1456 කි. කිලෝ 5 සිලින්ඩරයක  මිල රුපියල්  572 දක්වා රුපියල්  60 කින් ද කිලෝ 2.5 සිලින්ඩරයක මිල රුපියල්  273 දක්වා රුපියල්  27  කින් ද අඩු  කර  ඇත.