
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 7000 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි දින තුන තුළ ශ්‍රී ලංකාවට ළගාවන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙම නෞකා දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව දිනකට සිලින්ඩර ලක්‍ෂය බැගින් නිකුත් කරන බවත් පසුගිය මාස දෙක තුළ ගෑස් සිල්න්ඩර ලක්‍ෂ 15 ක පමණ අඩුවක් ඇතිවීම පෝලිම් නිර්මාණයට හේතුව බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

