ගෑස් අඩු නිසා ආප්ප මිලත් අඩු කරන්නලු


ගෑස් මිල වැඩි වු සෑම විටම ඊට  සමගාමිව ආප්පයක මිල, තේ කෝපයක මිල පවා  ඉහළ ගියත් යහපාලන රජයේ මංගල අයවැයෙන්  ගෑස් සිලින්ඩරයක මිල රුපියල්  150 කින් අඩු වුවද අද වන තුරු  හෝටල්, බේකරි සහ ආපනශාලාවල කිසිදු ද්‍රව්‍යයක මිල ගණන් අඩු කිරිමේ  වැඩ පිළිවෙළක් නොකළ බව පාරිභෝගික  අයිතිය සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති රංජිත්  විතානගේ  මහතා  පැවසීය.

රජයට  සහ පාරිභෝගික අධිකාරියට  බලපෑම් කිරිමට  තම සංගමය කටයුතු  කරන බව ඔහු  කීවේය.