වසර දෙකක් තිස්සේ යතුරුපැදි සොරකම් කර ඇංජිම හා චැසිය හැර සෙසු කොටස් ගලවා අමතර කොටස්වලට විකුණූ බව කියන තිදෙනෙක් පානදුරේ දී අද අත්අඩංගුවට ගනු ලැබූහ.
විදුහල්පතිවරයකුගේ පුතකු ද මේ අතර සිටින බව පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ 50ක යතුරු පැදි මොවුන් විසින් සොරකම් කරන ලදැයි ද, දෙදෙනාම සල්ලාලකමට ඇබ්බැහි වූ බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි.
යතුරුපැදිවල ඇංජිත් හා චැසි කහතුඩුවහා අවට පෙදෙස්හි ගංගා ඇල දොලවලට දමා ඇති බව ද, එක් ඇලකින් යතුරු පැදි තුනක ඇංජින් සොයා ගත් බව ද පොලිසිය කියයි.



