ගෑනියෙක් ගන්න බැරි ලෙඩෙක් නෙවෙයි මම


2017-02-17-ent-12

පූර්ණිකා - පේෂලගේ ගැන විවිධ කටකතා වගයක් පහුගිය කාලේ පැතිරුනා කියලා කවුරුත් දන්නවානේ. ඉතිං ඒ කාරණාව ගැන පේෂල මනෝජ්ගෙන් ඇහැව්වා.

 

පේෂල මොකක්ද මේ පූර්ණිකාගෙයි ඔයයි අතරේ තියෙනවා කියන සම්බන්ධය?

2017-02-17-ent-07මමනම් කියන්නේ මනුස්සයෙක්ගේ family එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒවා දැනගන්න ඕනේ... ඒවා විසඳගන්න ඕනේ ඒ ගෙවල් ඇතුළෙ. එහෙම නැතිව මේවා සමාජයට කියාගෙන ඇයි මෙහෙම දඟලන්නේ. මොකක්ද ඒවායින් බලාපොරොත්තු වෙන්නේ. අපි ඔක්කොම මිනිස්සුනේ අනේ. රටේ පුංචි නමක් තියෙන එක හරි. එහෙමයි කියලා අපිට අපේ ජීවිතයක් නැද්ද... ඇයි මේ මිනිස්සු ඔය දේවල්වලට මාව සම්බන්ධ කරගන්නේ.

 

ඒත් ප්‍රසිද්ධිය නිසා ඒ කතා පැතිරෙනවා වැඩියි නේද පේෂල?

පවුල් ජීවිතවල ප්‍රශ්න ඇතිවෙන්නේ කලාකරැවන්ගේ විතරක් නෙවෙයිනේ. ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්න තියෙනවනම් ඒ මිනිස්සු ඒවා විසඳගන්න ඕනේ. මේ මාවත් ගාවගෙන, අපේ නම් ගාවගෙන නිකන් මුළු සමාජයටම විහිළුවක් වෙලා. මටනම් හිතෙන්නෙම ඒකෙන් එයා වෙන ලොකු ප්‍රසිද්ධියක් ගන්න හිතනවා. ඇති දේකුත් නෑ... අන්තිමට ඒ මිනිස්සුම එයාලගෙම මූණේ දැලි ගාගන්නවා.

 

පූර්ණිකායි ඔයයි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා කතාවක් ඇතිවෙලා තියෙනවා කියලා පේෂල මුලින්ම දැනගනිද්දී මොකද හිතුණේ?

මට හිතුණ මුන්ට සයිකෝ කියලා. මම ගැන ගොසිප් දාලා තිබුණා මම කසාද තුනක් කරගත්තු කෙනෙක් කියලා. ඒවා බොරැ කතානේ. මිනිස්සුන්ට පොඩි මඩක් ගැහුවට කමක් නෑ. ඒත් බොරැ කතා කියලා මඩ ගහන එක නරකයි. මම ඕවට කතා නොකර හිටියෙ. කසාද තුනක් බඳිනව තියා මම ඉන්දියාවේ ඉඳන්ම ලංකාවට ආවේ 2010. ඊට පස්සෙ කැම්පස් එකේ වැඩ කරලා මේ නිවේදන වැඩ තියෙද්දී මම කොහොමද දෙයියනේ කසාද තුනක් බඳින්නේ. අපේ ලංකාවේ විවාහ රෙජිස්ටාර් කාර්යාලයක් තියෙනවනේ. ඉතින් ඇත්ත නැත්ත බලන්න පුළුවන්නේ.

 

ඔය තුන්දෙනාම කාලයක් එකම පෞද්ගලික නාලිකාවක සේවය කළානේ. සහනුයි ඔයයි මිතුරෝද?

නෑ... නෑ... එහෙම ලොකු ආශ්‍රයක් නෑ. මට එහෙම හැමවෙලේම හම්බවෙන්නෙත් නෑ... හම්බවුණත් “ආ හලෝ...” කිව්වා. එච්චරයි. සහන්ලාගේ හරි පන්ති භේදයක් තිබුණා. මම ඒ නාලිකාවේ පූර්ණිකාලීනව සේවය කරපු සේවකයෙක් නෙමේ. කැම්පස් එකේ වැඩකරන ගමන් මම ඔය නිවේදන කටයුතු කළා. සහන්ලා හිතාගෙන හිටියෙ අපි නිකන් රස්තියාදුකාරයෝ කිසිම දෙයක් දන්නේ නැති අය කියලා. අපිත් ඉතින් පිටරටවල ඉගෙන ගෙන නොයෙකුත් මිනිස්සු ආශ්‍රය කරපු අය. ඒ නිසා මිනිස්සුන්ගේ මානසිකත්වය මට හොඳටම තේරෙනවා.

 

අදටත් ඔයාට පූර්ණිකාත් එක්ක කතාබහ කරන්න පුළුවන්ද?

ඔව්... ඔව්... මට කිසි ප්‍රශ්නයක් නෑ. මම පූර්ණිකා එක්ක විතරක් නෙමේ. එයාලගේ පවුලේ හැමෝම එක්කම ඉස්සර වගේම කතාබහ කරනවා. මට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි හිතමු මට පූර්ණිකා එක්ක සම්බන්ධතාවක් ඇතිකරගන්න ඕනේ කියලා... පූර්ණිකාව කසාද බඳින්න ඕනේ කියලා. මම මේ හොඳට තියෙන පවුලක් කඩලා ජීවිතයටවත් කසාද බඳින්න යන්නේ නෑ. මම මොකටද එහෙම කරන්නේ. මට ගෑනියෙක් ගන්න බැරි මොකක් හරි ලෙඩක් තියෙනවද... දෙයියන්ගේ පිහිටෙන් මට හැමදේම තියෙනවා.

 

Text – Dishani Jayamali Karunarathna / Pic – FB