ගෑණු සොඬාට ඇප


අක්කර දෙකක ඉඩමක් පවරා දීමට බඩල්කුඹුරේ රෙදි කඩ කාරියකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට ගිය බව කියන බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත චන්ද්‍රදේව රත්නායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂය බැගින් ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත මුදා හරිනු ලැබීය.

ඇය බදුල්ලේ හෝටලයකට කැඳවාගෙන ගොස් කාමරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

මහේස්ත්‍රාත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර විභාගය ජූලි 22 වැනිදාට කල් තැබීය.