පාපැදියක්, නිවසක් හා බිරියක ඉල්ලා තරුණයෙක් දික්වැල්ල, රත්මලේ පාරේ අධිබලැති විදුලි කණුවකට නැංගේය.
දික්වැල්ල පොලිසිය විදුලිබල මණ්ඩලයට දන්වා විදුලිය විසන්ධි කිරීමෙන් පසු තවත් තරුණයෙක් එහි නැග ඔහු බිමට බස්සවා ගැනීමට උත්සාහ ගත්තේය.
වැව්රුකන්නල වෙසක් පෙරහරේ කාවාඩි නැට්ටුවකු වන එම තරුණයාගේ ඇවිටිල්ල මත බිමට බසිමින් සිටි එම පුද්ගලයා අන්තිමේදී ඔහුටද පහරදී අසල කොහොඹ ගසකටත් පොල් ගසකටත් නැග්ගේය. ගහේ පොල් කඩා බිමට දැම්මේය. අන්තිමේදී ඔහු බිමට ගැනීමට පොලිසිය සමත් විය.
පොලිසියට ඉදිරිපත් කළ ඔහුගේ ඉල්ලීම් ලබාදීමට නොහැකි බව පොලිසිය ඔහුට කීවේය. බදාදා සවසම ඔහු මාතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.




