ලිප්ස්ටික් ප්‍රශ්නයක් මත නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා හා බෙන්තර ඇලග්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහ නිළිය අතර ගාල්ල ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී අද (17) බහින් බස් වීමක් ඇති විය.
ශ්‍රීලනිපය ජන බල ගැන්වීම හෙවත් රට නගන නිල් රැල්ල ගැන පැවති සාකච්ඡාවේදී වීරක්කොඩි මහතා පැවසූවේ එක්සත් ජාතික පක්ෂය හබරාදූවේදී පැවැත්වූ රැස්වීමකට ආ කාන්තාවන් ගීතා නෝනා වගේ ලිප්ස්ටික් ගාගෙන සිටි බවයි. ‘ඒ කාන්තාවන් මා ජීවිතේට දැකලා නෑ ‘ යනුවෙන් ඔහු කියාගෙන ගියේය. නියෝජ්‍ය කතානායකගේ එම ප්‍රකාශය අවසන් වීමටත් පෙර ගීතා කුමාරසිංහ මහත්මිය මුහුණ ඇඹුල් කර ගත්තාය. වීරක්කොඩි මහතා සමග බහින් බස් වූවාය.
‘ඇයි එහෙම කතා කරන්නේ යැයි ඇසුවාය.‘ ඉන්පසු සංවිධායකයන් මාධ්‍යයට පැවසුවේ ‘දැන් අපේ වැඩ ඉවරයි. ඔය ගොල්ලන්ගේ කැමරා, මයික් ගලවාගෙන යන්න. දුන්නු සහයෝගයට ස්තුතියි‘ යනුවෙනි.