ගැහැණු සොඬෙක් කළුතරින් අල්ලයි


රන් හා මුදල් සොරකම් කර ගැහැණුන් සමග සවාරි ගසන බව කියන තරුණයෙක් (23) කළුතර කොට්ඨාස අපරාධ අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

හමුදාවෙන් පැන ආ බව කියන ඔහු කළුතරින් රුපියල් ලක්ෂයක රන් අබරණ සොරාගෙන ඇතැයි ද බදුරලියෙන් හා කොම්පඤ්ඤවීදියෙන් රෙදිපිළි සොරාගෙන ඇතැයි ද, මතුගම හා නෙළුව නඩු කිහිපයක් ඇතැයි ද පොලිසිය කියයි.