ගැමුණුගේ සංගමය කළු කොඩි අකුළා ගනී


රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුවට හා අයවැයෙන් සහන නොදුන්නැයි විරෝධය දක්වමින් පෞද්ගලික බස්රථවල ක්‍රියාත්මක කරන කළුකොඩි එසැවීමේ ක්‍රියාවලියෙන් තම සංගමය තාවකාලිකව ඉවත්වූ බව ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සමග තම සංගමය පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස මෙම තීරණය ගත් බවත් ඔහු කියයි.