රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයනට විරුද්ධව එල්ලවී ඇති වකුගඩු බද්ධ කිරීම, වාහන බලපත් විකිණීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකර නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න ඇතුළු සාමාජිකයෝ අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ගැමුණු විජයරත්න මහතා අතර මතබේදයක් පවතී. ඒ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙනි.




