රුහුණු කතරගම මහා දේවාලයේ 2013 වර්ෂයේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටවිම අද (24) උදැසන සිදු විය.
සුභ නැකතින් කප් කනු දේවාලයට වැඩමවා ආලත්ති අම්මාලා සමග එක්ව කපු මහත්වරු කප් කනු සදහා නානමුර මංගල්‍යය පැවැත්වුහ. අනතුරුව දේවාලයේ විශේෂ ස්ථානයක කප් කනු සිටුවීය.කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතාද පැමිණ සිටියේය.
ඇසළ පෙරහැර අගෝස්තු 07 වැනි දින ඇරැඹේ. අවසන් මහා පෙරහැර අගෝස්තු 20 වැනි දින පවත්වා පසු දින (21) වැනි දින මැණික් ගගේ දිය කැපිමේ චාරිත‍්‍රයෙන් පෙරහැර නිමාවට පත්වේ. කප් කනු සිටවිමේන් අදහස් කරනුයේ කදසුරිදුන් ගේ හා වල්ලි දෙවගනගේ විවහා මංගල්‍යයේ සනිටුවහන් කිරිම සදහා පවත්වන මංගල්‍යට මගුල් මඩුවේ කනුව සිටවිමයි. මෙම චාරිත‍්‍රය දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සිදු කැරෙතියි කතරගම දේවාලයේ ප‍්‍රධාන කපුමහතා වන සොමීපාල ටී රත්නායක මහතා පවසයි.