වල් අලි ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි කළුවරගස් වැව වල්ලිගම වැසියෝ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය ඉදිරිපිට අද අලුයම සිට විරෝධතාවක් ඇරැඹූහ.
පුත්තලම ආනමඩුව මහාමාර්ගය ද හරස් කරමින් 300ක පිරිසක් විරෝධයට එක් වූහ.
පුත්තලම නගරයේ රැකියාවට යමින් සිටි දෙදරු පියකු වන සුනිල් ප්‍රේමතිලක මහතා (45) අද අලුයම වල්අලි ප්‍රහාරයකින් මියයාමෙන් පසුව ගැමියෝ සිය විරෝධය පළ කරන්නට වූහ.
ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා ද එහි පැමිණ ප්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වීය.
(වීඩියෝ එච් චන්දන)
(ඡායාරූප හිරාන් ප්‍රියංකර)