නෙළුවේ කඩිහිංගල කැරංකැටියේ නිවසකට පැමිණ ගෙහිමියාට වෙඩි තබා ඝාතනය කැර පලා යමින් සිටි දෙදෙනකු පසු පස හඹා ගිය ගැමියන් එක් ඝාතකයකුට පහරදී නෙළුව රෝහලට ඇතුල්කැර ඇතැයි පොලීසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ 55 හැවිරිදි තිදරු පියෙකි. ඔහු තේ ඉඩම් හිමි වැවිළිකරුවකු බව ද පොලීසිය කියයි.

