ගැමියෝ පිරිසක් තරුණියන් සිව් දෙනකු බේරති


බණ්ඩාරගම අටලුගම මිදෙල්ලමුලහේනේ පරණ යකඩ බඩු එකතු කරන කඩ හිමියෙක් හා තැරව්කරුවකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.

තැරව්කරු වෑන්රියකින් ගෙන එන ලදැයි කියන තරුණියන් සිවු දෙනකුගෙන් එක් අයකු එහිදී කෙළෙසා ඇතැයි ද එක් තැරුණියක කැලයට පැන ඇතැයි ද අනෙක් තරුණියන් දෙදෙනා වෑන් එකේ සිරකරගෙන ඇතැයි ද ඔවුන් පොලිසිය කියා ඇත. ගැමියන් පිරිසක් එහි පැමිණ තරුණියන්  බේරාගෙන සැකකරුවන් දෙදෙනා පොලිසියට බාර දී ඇතැයි ද දැන ගන්නට ඇත.