දෙසැම්බර් අගදී සිය පළමු දරු ප්‍රසූතියට සූදානම් වන කරීනා කපුර් මේ දිනවල බොලිවුඩයේ මිල අධික වෙළෙඳ සිනමා තරුවක් වී බවට පත්ව ඇත. මේ දිනවල බිලිඳු දරුවන්ට ලබා දෙන කිරිපිටි, සනීපාරක්ෂක යට ඇඳුම්, ළමා සෙල්ලම් බඩු, සුවඳ විලවුන් වැනි බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක ඇය පෙනී සිටිනවා.
එමෙන්ම කරීනා මේ දිනවල සඟරා කිහිපයක මුල් කවරයද සරසන අතර, ඒවා බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වී තිබෙන බව සඳහන් වේ. අයිශ්වර්යා රායි, ශිල්පා ෂෙට්ටි, කරිෂ්මා කපූර් වැනි ජනප්‍රිය බොලිවුඩ් තරු ගැබ් ගත් අවස්ථාවලදී ඔවුන්ට මේතරම් ඉල්ලුමක් නොලැබුණ අතර, බොහෝ දෙනෙකු පවසන්නේ මේ කරීනා හා සායිෆ්ට දාව උපදින්නට බලාපොරොත්තුවෙන් සිටින දරුවාගේ වාසනාව වී ඇති බවයි.