ගැබිණියගේ මරණය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්


(රංජන් කස්තුරි)
ඩෙංගු රෝගය වැළඳී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා සහ අයිඩීඑච්හි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්වරු ඇතුළත් වෙති.