පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ජේ ශ්‍යාමල් සඳරුවන් (24) ඝාතනයේ පළමු වැනි හා දෙවැනි සැකකරුවන්ගේ පෙම්වතියන් ගැබ් ගෙන ඇති හෙයින් ඔවුන් අතර විවාහය ලියාපදිංචි කිරීමට ඔවුන්ගේ නීතීඥවරු මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවියගෙන් ඉල්ලා සිටියහ.
ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ඉල්ලා සිටියාය.
සැකකරුවන් වන ඩී ජී මංජුල, කේ එම් දිලීප් රෝහණ රුද්‍රිගු, ආර් ජී සුරංග කුමාර සහ කේ එච් දිනුක තුෂාර ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

