ගැටුමෙන් සරසවි සිසුන් තුනක් රෝහලේ


( ප්‍රසාද් රුක්මල් ) 

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු අද  (23) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ (4 වසරේ ) අධ්‍යාපනය.ලබන කන්තලේ අග්බෝපුර, කඩුවෙල පාර අතුරුගිරිය ,බැද්දේගම ගොතටුවවත්ත යන ප්‍රදේශවල පදිංචි 25 වියේ පසුවෙන සිසුන් තිදෙනකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කීය .

බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදු ව ඇති බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඊයේ (22) රාත්‍රි විශ්වවිද්‍යාලය  තුලදී ආරවුලක්  හටගෙන ඇති බවත් තාක්ෂණ පීඨයේ අවසන් වසරේ මෙම සිසුන් තිදෙනා එම ස්ථානය ට ගිය අතරතුරේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ පොලුවලින් යකඩ පොලුවලින් පහරදී  ඇති බවද පොලිසිය සදහන් කළේය .