ගැටුමෙන් කැඩුණු ගෙවල් හැදීම අරඹයි


පසුගිය 15 වැනි දා අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ගැටුමෙන් නිවාස හා කඩසාප්පුවලට සිදුවූ හානි පිළිසකර කිරීමට ත්‍රිවිධ හමුදාවේ 780 දෙනෙක් එහි ගොස් සිටිති.

ඔවුන් සිකුරාදා (27) වැඩ ඇරැඹීමට නියමිතය.

ඒ සඳහා රජය රුපියල් විසි කෝටියක් වෙන් කැර ඇතැයි නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා කියයි.