ගැටුම් ඇති තැන පළමුව ආරක්ෂාව : දෙවනුව සදාචාරය


සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ  උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.

ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබු ස්ථානයේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන්,වීඩියෝ ශිල්පීන් සිටි පසුපසට යා යුතු බව ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු යැයි හැඳින්වූ පුද්ගලයෙක් දිගටම බාධා එල්ල කළේය.

නිලධරයා - පිටි පස්සට යන්න.මෙතන මාධ්‍යවේදින්ට ඉන්න බෑ.

මාධ්‍යවේදියෙක් - මට විනාඩියක් දෙන්න මම පැමිණ සිටින පිරිසගේ පින්තුරයක්  අරගෙන පස්සට යන්නම්.

නිලධරයා - එහෙම කොමාන්ඩෝ එකේ වැඩ වලට ආවම ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ.

මාධ්‍යවේදියා - හරි.මට විනාඩියක් දෙන්න මම ෆොටෝ එකක් අරගෙන ඉක්මනට යන්නම්.මම මෙතන ඉදලා ෆොටෝ එක ගත්තොත් ඇවිත් ඉන්න අයගේ පිට පස්සනේ ෆොටෝ එකට වදින්නේ.

(දඹර ඇගිල්ල දිගු කරමින්) මට ඒවා අදාල නෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනේ.ෆොටෝ ගන්න දෙන්න බෑ.යන්න පස්සට.

මේ අයුරින් ඡායාරූප මාධ්‍යවේදියාට තර්ජනය කරමින් ජනාධිපතිතුමන් සහභාගි වු උත්සවය ආවරණය කිරීමට ඉඩ ලබා නොදි මාධ්‍යවේදීහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.

මත්තල සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු නිවේදනයේ මෙසේ සඳහන් විය.

“... කෙසේ වුවත් ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර මෙම අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හැරීම මේ සිද්ධියට පාදක වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදු කළ මුලික පරීක්ෂණවල දී හෙළි වී ඇත.

එබැවින් සංවේදී ගැටුම් වාර්තාකරණයේදී පිළිගත් අචාරධර්ම අනුව මාධ්‍යවේදීන් සිය මෙහෙවරයෙහි යෙදෙනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වේ...“

DSC_0136 DSC_0137