ත්‍රිරෝද රිය හා යතුරු පැදි වලින් ගොස් ගැට කපන කල්ලියක ගැහැණුන් සිව් දෙනකු හා පිරිමින් දෙන්නකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලීසිය සමත් විය.
මොවුන් සියලු දෙනාම එකම පවුලේ සාමාජිකයන් බව කියති.
බැංකු, සුපිරි වෙළදසල් හා වෙනත් සාප්පුවලට ගොස් ගැට කැපු මොවුන් අල්ලා ගැනීමට මතුගම පොලීසියේ නොවිසුදුණු අපරාධ අංශය හා බුද්ධි අංශය සති ගණනක් වෙහෙසුණේය.
සීසීටීවී ආරක්ෂක කැමරාවල තොරතුරුද ඔවුන් අල්ලා ගැනීමට රුකුලක් විය.
ගැට කපන්නියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පාරේ තිබු ත්‍රිරෝද රියකට නැඟුණු පොලිස් නිලධරයකු දැලි පිහි පහරකින් බේරුණේ අනු නවයෙනි.එම ත්‍රිරෝද රිය ගැට කපන්නනගේ බව පසුව හෙළි විය.මොවුන් ළඟ යතුරු පැදි දෙකක් හා ත්‍රිරෝද රිය තුනක් තිබී සොයාගත් බව පොලීසිය කියයි.




