ගාසාවේ දරුවන් 100 කුසගින්නේ මැරිලා


(විමුක්ති එස් රුද්‍රිගු)

කුසට ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ගාසා තීරයේ තවත් 5 දෙනකු මියගොස් ඇතැයි   අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

මියගිය 5 දෙනාගෙන් 2 ක් ළමයින් බවත් ඒ අනුව මෙතෙක් ආහාර නොමැති කමින් ළමයින් 100 ක් මියගොස් තිබෙන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය. ගාසා තීරයේ ළමයින් 6000 කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් 1000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනකට ගාසා තීරයට ඇතුළු වන්නේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 80ත් 100ත් අතර ප්‍රමාණයක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය.

කුසට ආහාරයක් නොමැති වීම හේතුවෙන් මියගිය ගණන 217 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.