ගාල්ල මහමෝදර රෝහල් පරිපාලනයට විරෝධය දක්වමින් හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ සිය රාජකාරිවලින් ඉවත් වී රෝහල ඉදිරිපිට රැස්වී සිටියි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ දකුණු පළාත් සංවිධායක ඩී බොරලැස්ස මහතා පැවසුයේ අලුතෙන් විවෘත කරන ලද නව ගොඩනැගිල්ලේ හෙදියනට ඇඳුම් මාරු කිරීමට පවා ස්ථානයක් නොමැති බවයි. ඔවුන්ට එහි කිසිදු පහසුකමසක් සලසා දී නැති බවත් ඔහු කීවේය.
රෝහල් අධ්‍යක්ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මිය කියනුයේ නව ගොඩනැගිල්ලේ හෙදියන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි.