නව රජයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු පත්කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී එහි සම සභාපතිවරුන් වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
ප්‍රශ්න විසඳීම සඳහා විජේපාල හෙට්ටිආරච්චි මහතා වැඩි කාලයක් ගන්නා බවත් ඉක්මණින් න්‍යාය පත්‍රය අවසන් කළ යුතු බවත් තමන්ට ද අවස්ථාවක් අවශ්‍ය යැයි කියමින් කුමාරසිංහ මහත්මිය දෝෂාරෝපණය කළාය. මේ අවස්ථාවේ දී හෙට්ටආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ න්‍යායපත්‍රයේ ඇති කරුණු 40ක් සහ දිස්ත්‍රික්කයේ ගැටළු සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කාලයක් ගත වන බවයි.
ඒ මහතා මෙසේ ද කීවේය.
‘‘මේ න්‍යායපත්‍ර සාකච්ඡා කළ යුතුයි. මා මුලින්ම කිව්වා අපි දෙදෙනා සමග න්‍යාය පත්‍රය කොටස් දෙකකට බෙදාගෙන මෙහෙයවමු කියා. මේවාට කාලය ගත වනවා. එය තේරුම් ගන්න. අපි මේ වැඩ කලින් කරලා තියෙනවා. ප්‍රශ්න විසඳන්නේ නැතිව අපි ගැටළු මගහැරලා ගිහින් හරියන්නේ නැහැ. “

