ගාලු ශ්‍රිලනිප රැළියට සිසුන් යොදා ගත්තැයි චෝදනා


ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සිසුන් පාක්ෂිකයන් ගෙනයන මුවාවෙන් ගාල්ලේ පැවැති ශ්‍රීලනිප මැයි රැළියට සම්බන්ධ කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා චෝදනා කරයි.

සිසුන් ප්‍රවාහනයට වැය කර ඇත්තේද  අමාත්‍යංශයේ මුදල් බවට චෝදනා කරන හෙතෙම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි අදාළ නිලධාරින්ට නියෝග කර ඇතත් ඊට අදාළ විමර්ශන වාර්තාව තාමත් තමාට ලැබී නැති බව ද කීය.

ඒ අනුව මේ සිදුවීම හා ඒ පසුපස ඉන්නා පුද්ගලයන් ගැන නුදුරේම රටට හෙළිකරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.