සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වෙරළ පවිත්‍රතා වැඩසටහන ගාල්ල දෙවට දක්ෂිණ අධිවේගී පිවිසුම අසල වෙරළ තීරයේදී පැවැත්විණි.
පාසැල් සිසුන්, ගාල්ල යොවුන් සේනාංකය, නාවික හමුදව, ගාල්ල මහ නගර සභාව සහ සිවිල් සංවිධාන රැසක් මේ සඳහා එක් වී සිටිනු දක්නට ලැබිණ.
මේ අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතාද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතාද සහභාගි වී සිටියහ.