ගාලු රෝහලේ වර්ජනයක්


අනවසරයෙන් රෝහලට ඇතුළුවීමට තැත් කළ පිරිසක් නැවැත්වූ රෝහල් සේවකයන්ට මැර ප්‍රහාරයක් කළැයි විරෝධය දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ  සේවකයෝ අද උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කළහ. රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් සිදුවෙයි. මේ වර්ජනය නිසා වෛද්‍යවරුන්ට හා හෙදියන්ගේ වැඩ අඩපන වී  ඇත.

රෝහල්  සේවකයන්ට පහර දුන් බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති. සේවකයෝ කියනුයේ නායකයාද අත්අඩංගුවට ගත යුතු බවය.

 රෝහල් නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය ජයමිපති සේනානායක මහතා කියා සිටියේ මෙවැනි පහරදීම් සහ බියවැද්දවීම් නිතර නිතර සිදුවුව ද පොලීසිය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බැවින් මෙසේ විරෝධය දැක්වීමට සිදුවන බවයි.