ගාලු රෝහල ලෙඩුන් බිල්ලට දෙන්න හදනවා


කරාපිටිය හා මහමෝදර රෝහල්වල එකතුවන මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණක් නගර සභාව විසින් එකතුකරන බවත් ප්ලාස්ටර්, සැරහුම්, එන්නත් කටුවැනි සායනික අපද්‍රව්‍ය ඉවත්නොකරන බවත් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසයි. පිටතට නොපෙනෙන සේ කළු පැහැති පොලිතීන් උරවල දමා සායනික අපද්‍රව්‍ය වෙනත් කුණු සමග කලවමේ ගොඩගසා ඇති බව ද නගරසභාවේ යුතුකමක් සේ සළකා ඒවා කලින් ඉවත්කැර ඇතත් ඉදිරියට එසේ නොකරන බව ද  නගරාධිපතිවරාය කියා සිටියේය. ඔහු පවසන්නේ නගර සභාවට කුණු දැමීමට තිබූ ඉඩම් අහිමිවීම ඇති බවයි. කරාපිටිය රෝහලේ ඉඳුල්වැනි දිරාපත්වන අපද්‍රව්‍ය දැමීමට අවශ්‍යතරම් ජීවවායු ජනක හා සායනික අපද්‍රව්‍ය පුළුස්සා දැමීමට දාහකයක් තිබිය දී නගර සභාව කුණු ගෙනයන්නේ නැතැයි චෝදනා කිරීම තම වරද වසා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.

කරාපිටියේ පාලන අධිකාරිය සඳුදා සිට ලෙඩුන් බිල්ලට දීමට සූදානම්ව සිටින බැවින් රෝහලේ කුණු රෝහලේ ඉඩමක වළක් කපා වළ දමා පස් දමා පිරවීට අවශ්‍ය උපකරණ හා සේවකයන් එහි යවා ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.