ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී බදාදා (14) පැවැත්වෙන දිව්‍ය පූජාවට එන ජනයා වෙනුවෙන් හලාවත සහ අලුත්ගම සිට කොළඹ දක්වා නොමිලේ ශ්‍රී ලංගම බස් සේවා සහ හලාවත සහ අලුත්ගම සිට කොළඹ දක්වා අර්ධ ගාස්තු සහිත විශේෂ දුම්රිය සේවා පැවැත්වෙන බව නව ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
කතෝලික බැතිමතුන් වෙනුවෙන් මෙම සහන ලබාදීමට හැකිවීම විශේෂ පුණ්‍ය කර්මයක් බවද අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා කියයි.

