ගාලු නගර සභාවේදී අද එහි වඩුකාර්මිකයකුගේ මන්න පහරකින් කලින් සේවයේ යෙදී සිටි කම්කරුවෙක් තුවාල ලැබූ බව පොලීසිය කියයි. බෙල්ලේ සුළු තුවාල සහිතව ඔහු කරාපිටිය රෝහලට ඇතුල්කරනු ලැබූහ. දෙදෙනා අතර පැවති පෞද්ගලික ආරවුලක් මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි ද පොලීසිය කියයි. ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් අරංචි පවසයි.