ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා සභික ධූරයෙන් සහ පුරපති පදවියෙන් ඉවත් කළ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. ඔහුට එරෙහිව පැවති පරිපාලන සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා දාසයකින් දෙකකට ඔහු වරදකරු වී ඇතැයි ප්‍රධාන අමාත්‍යවරයා කියයි. චෝදනා විභාග කැරුණේ විශ්‍රාමලත් විනිසුරු එම්.ඒ.සිල්වා මහතා විසිනි. නියෝජ්‍ය නගරාධිපති කැළුම් සෙනෙවිරත්න මහතාගේ නම පුරපති ධූරය සඳහා ඉදිරියෙන්ම ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නගරාධිපතිවරයා ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනය මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළේය.


