ගාල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ දී ප්‍රකාශකළ තැපැල් ඡන්ද මුද්‍රා තැබීමේ දී ඇලවිය යුතු ස්ටිකරයට ගම් නොයෙදූ බවත් ඒ හේතුවෙන් බලවත් සැකයක් ඇතිවූ බවත් ඡන්දය ප්‍රකාශකළ අය කියති. මේ සම්බන්ධයෙන් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කළ විට ඇලවූ ස්ටිකරය ගලවා යළි ගම් ගා ඒවා අලවා ඇතැයි ද ඔවුහු කියති. මුද්‍රා නිසි පරිදි නොඇලවීමත් යලි ඒවා ගලවා ඇලවීමත් හේතුවෙන් තමන්ගේ ඡන්දය පිළිබඳ ගැටළුවක් අැතැයි ගුරුවරු කියති.
මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ස්ටිකරය ඇලවීමේ ගැටළුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ ගැන සොයා බැලීමට තම නිලධාරීන් යැවූ බවයි. ඔවුන් ඒ අනුව ස්ටිකරය නිසි ලෙස ඇලවීමට උපදෙස් දී ඇතැයි ද ඡන්ද සම්බන්ධයෙන් කිසිදු දූෂණයක් හෝ වංචාවක් සිදු නොවූ බව ද ඒ මහතා පවසයි.

