ගාලු කොටුවේ ලොරියක් හැපෙයි


ගාලු කොටුවේ ඉපැරණි කොටු දොරකඩේ ලොරියක් ගැටීම නිසා කොටු දොරටුවේ ඉහළ ප්‍රදේශයේ කොටසක් කඩා වැටී තිබේ.

ගාල්ල උසාවිය දෙසින් පැමිණි ලොරිය කොටු දොරකඩින් ගමන් කිරීමට යෑමේදී ලොරියේ වහල ආරුක්කුවේ වැදීම නිසා මෙම අනතුර සිදුවී ඇත.

කොටු දොරටුව වර්ෂ 1647 හෝ ඒ ආසන්න කාලයේදී ඕලන්ද ජාතිකයින් විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කරයි. 

unnamed-(21) unnamed-(22) unnamed-(24)