ශ්‍රී ලංකාවේ ඉතා කීර්තිමත් මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍යවරයකු වූ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද ගාල්ල සමනළ ක්‍රීඩා පිටියේදී සිදුකැරුණි. ඒ මහතා පදිංචිව සිටි වුඩ්වඩ් මාවතේ නිවසින් අවමංගල්‍ය පෙරහැර සවස 3.00 ට පිටත් විය. මග දෙපස විශාල ජනකායක් වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියහ.