ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරීන් සංකේත වර්ජනයක්


(ජේ.කේ.එල්. චාමින්ද)


ගාල්ල දිස්ත්‍රික්කයේ  සෞඛ්‍ය වෛද්‍යනිලධාරින් විසින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති  පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට බැන තර්ජනය කිරිමේ සිද්ධියකට විරෝධය දක්වා මෙසේ විරෝධතාවයෙහි නියැලිණි.


 නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පුරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට ඇති බවත් මේ සම්බන්දයෙන් වෛද්‍ය නිලධාරිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇති බවද  ඒ මහතා පවසයි.

  නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් එවන ලද චක්‍රලේඛයක් පිළිබද නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා ඇත.

 එම චක්‍ර ලේඛන තමන්ට නොලැබෙන බව සදහන් කළවිට  නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් සදහන් කළවිට නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් පරුෂ වචනයෙන් බැන තර්ජනය කොට ඇති බවද වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

 මින් පසු  ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්  නගරාධිපතිවරයා පමණක් සමග  රාජකාරිකටයුතු වලදි සම්බන්දවන බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්දවන කිසිදු රැස්විමකට සහභාගි නොවිමට තින්දු කළ බවද  ඒ මහතා සදහන් කළේය.

මේ පිළිබද  දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ  දැනුවත් කිරිම සදහා සාකච්ඡාවක් ලබාගැනිමට කටයුතු කරන බවද වෛද්‍ය මංජුල සොයිසා මහතා පවසයි. අද (23) දහවල් පැවති ගාල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවද හෙතම වැඩිදුරටත් සදහන් කළේය.

 ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 40 දෙනෙකු අද දින සමාන්‍ය රාජකාරිකටයුතු වලින් ඉවත්ව සංකෙත වැඩවර්ජනයක නිරතව සිටිති. කොවිඩ් කටයුතු හැර සායන කටයුතු බෝවන රෝග පාලන ජලභිතිකා කටයුතු ඇතුළු සාමාන්‍ය සේවා කටයුතු වලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඉවත්ව ඇත