
(ඩී.ජි. සුගතපාල)
ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ දැඩි සංචරණ සීමා පනවා තිබු ග්‍රාම සේවා වසම් 6 න් දෙද්දුගොඩ, මිලිද්දුව සහ දංගෙදර යන වසම් තුනේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද (16) පස්වරුවේ සිට ලිහිල් කිරීමට පියවර ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි.
ඒ අනුව දෙද්දුගොඩ වසමේ හිරිඹුර පාර, මිලිද්දුව වසමේ මොරගොඩ, සහ දංගෙදර වසමේ සමගිවත්ත යන ප්‍රදේශවල සංචරණ සීමා ලිහිල් කර ඇත.
එහෙත් තලාපිටිය,මකුලුව සහ කෝන්ගහ යන වසම්වල තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

