ගාල්ලේ මහින්ද විද්‍යාලයීය නව වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු නිපද වූ වාහන සඳහා වූ දුම්රිය අනතුරු වලක්වන නව නිපැයුම ජාතික නව නිපැයුම් තරඟාවලියේ ඇගැයීමට ලක් විය.
මීටර 200ක් ඈතින් වාහනය ස්වයංක්‍රීයව නවතින නව උපකරණය සඳහා වැය වන්නේ රුපියල් 200ක් පමණි.
දුම්රිය හරස් මාර්ගයට ද මෙවලමක් සවි කළ යුතු අතර ඒ සඳහා වැය වන්නේ රුපියල් හය දහසකි.
නව නිපැයුම බුලට් ට්රේන් හා විදුලි දුම්රිය සඳහා ද ගැලපෙන ලෙස නිර්මාණය කොට තිබේ.
තේනුක දත්සර වික්‍රමසිංහ, අංජන සංකේත් අබේගුණවර්ධන, රමේෂ් මහීෂ බඹරවාන, යසිරු ඕෂද වික්‍රමසිංහ, තීක්ෂණ සංදීප කාරියවසම්, ලහිරු කාවින්ද පතිරණගේ නව නිපැයුමට දායක වී ඇති අතර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයද ඉල්ලුම් කර තිබේ.